අගමැති නෝර්වේ රාජ්‍යය බලා පිටත්ව යයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා නෝර්වේ බලා පිටත්ව ගොස් තිබේ.

අද(03) අළුයම කටුනායක ගුවන් තොටුපොළෙන් අග්‍රාමාත්‍යතුමා පිටත්ව ගොස් ඇත.

අග්‍රාමාත්‍යවරයා සමඟ ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජමුණි සොයිසා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන හා හේෂා විතානගේ ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද එක්ව සිටි බව සඳහන්ය.

නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg), ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen), විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග වික්‍රමසිංහ මහතා ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.

නෝර්වේ සංචාරයෙන් පසු අග්‍රමාත්‍ය වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + thirteen =