පොලී අනුපාත වෙනස් නොකිරීමට මහබැංකු තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –විනිමය අර්බුදය හමුවේ ලෝකයේ බොහෝ රටවල පොලී අනුපාත වෙනස් කළද ශ්‍රී ලංකා මහ බැංකුව නොවෙනස්ව එය පවත්වාගෙනයාමට තීරණයකර තිබේ.

අමෙරිකා ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ දියුණුවෙමින් පවතින බොහෝ රටවල පොලී අනුපාත වෙනස් කිරීමට මෑත කාලීනව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හයවන මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණි.

ඩොලරයේ අර්බුදය හමුවේ රජය දැනට ගෙන ඇති පියවර සාර්ථක වී ඇති බවද ආචාර්ය අනිල් පෙරේරා මහතා එහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =