වසර 55 කට පසු භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

(කොළඹ, ලංකාපුවත්) – වසර 55 කට පසු ප‍්‍රථමවරට භෞතික විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමිව තිබේ. ඩොනා ස්ට්‍රික්ලන්ඩ් නැමැති ඇය කැනඩා ජාතිකයෙකි.

කිරණ භෞතික විද්‍යා ක්ෂේත‍්‍රයේ සිදුකළ නව හදුනාගැනීම් වෙනුවෙන් මේ වසරේ නොබෙල් ත්‍යාගය සදහා ඇය නිර්දේශ වී තිබේ.

ඒ අනුව භෞතික විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය දිනාගන්නා තුන්වන කාන්තාව ඇය වේ. ඇය සමඟ අමෙරිකා සහ ප‍්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු සම්මානය සදහා සම හිමිකම් ලබා ඇත.

ඩොනා ස්ට්‍රික්ලන්ඩ් මේ පිළිබඳ අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ තමන්නට මෙම සම්මානය හිමි වීම පුදුම සහගත බවය.

1903 වසරේදී මාරිකියුරි පලමුවරට භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය දිනාගත්තාය. ඉන්පසු යළි කාන්තාවකට එම සම්මානය හිමිවුණේ 1963 වසරේදීය. ඒ මාරියා ගෝපර්ට් මයර් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + nineteen =