බන්ධනාගාර රැදවියන් පිරිසක් බාලදක්ෂයින් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – තල්දෙන බන්ධනාගාරයේ නේවාසිකව රදවා ඇති බන්ධනාගාර රැදවූවන් අතුරින් බාලදක්ෂ පුහුණුව ලබා සිටින නේවාසික බාලදක්ෂයින් 26 දෙනෙකු සඳහා පදක්කම් පැලදවීම පසුගියදා බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

තල්දෙන බන්ධනාගාර පරිශ්‍රයේ දී ඉතා අලංකාරවත් ලෙස එය පැවැත්වුනි.

එහි දී එම බාලදක්ෂයින් දිවුරුම් දීම හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහ ලෝක බාලදක්ෂ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම ද සිදුවුනි.

මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් තිලක් ජයසිරි, සහාය බාලදක්ෂ කොමසාරිස් (පුහුණු සහ වැඩසටහන්) වයි.එන්.ඒ.කේ. යාපා, තල්දෙන බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක සහ පුනරුත්ථාපන නිලධාරී (මානවක බාලදක්ෂ සහාය කොමසාරිස්) මහින්රත්න යන මහත්වරුන් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *