ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද අන්තර්ජාලයට

(කොළඹ, ලංකාපුවත්) –මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(05) පෙරවරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ වහාම විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

මෙවර 2018 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා පැවැත්වුණි.

ඒ සදහා අයදුම්කරුවෝ තුන් ලක්ෂ පනස් පන්දහස් තුන්සිය විසි හය දෙනෙකු පෙනී සිටිම සඳහා සුදුසුකම් ලබා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =