වනරෝපා ජාතික වැඩසටහනේ මන්නාරම දිස්ත්‍රික් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ අනුව වාර්ෂිකව දිස්ති්‍රක් මට්ටමින් පැවැත්වෙන වනරෝපා ජාතික වැඩසටහනේ මන්නාරම් දිස්ති්‍රක් වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ මන්නාරම, මඩුපාර, තම්පනකුලම් ප්‍රදේශයේ දී පැවැත්විණි.

කොහොඹ පැළයක් රෝපණය කරමින් 2018 වනරෝපා ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මීට සමගාමිව පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණු අතර එම දරුවන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *