අධික වැසි නිසා මිය ගිය සංඛ්‍යාව 07දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් මියගිය ගණන මේ වන විට 07 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

රට පුරා ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල කලුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල පවුල් 2313ක පුද්ගලයෝ 8289ක් පීඩාවට පත්ව සිටිති.

වැසි සහිත තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මේ වන විට නිවාස 100කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ නිල්වලා, කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වනවිට පහත බසිමින් පවතින බවයි.

අධික වර්ෂාවත් සමඟ දියවන්නා ඔය පිටාර මට්ටමක පැවතීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ සහන සේවා කටයුතු සඳහා යුද හමුදාවේ භටයින් ද යෙදවීමට කටයුතු කර තිබේ.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක විසින් සිදුකරන දැනුම්දීම් පිළිබඳ ජනතාව අවධානය යොමුකරන ලෙස ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − fourteen =