ඇලිස් වෙල්ස් මේ සතියේ ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය මේ සතියේ දී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.

ඇය හෙට(09) සිට ලබන 11වනදා දක්වා මාලේ, මාලදිවයින සහ කොළඹ නගර වලට මෙලෙස පැමිණීමට නියමිත ය.

එසේම ඇය කොළඹ පැවැත්වෙන ඉන්දියානු සාගරය සමුළුවට ද සහභාගී වීමට නියමිත ය. එහි “ඉන්දියානු සාගරයේ අභියෝග හා අපේක්ෂාවන් හැසිරවීම: පොදු අවබෝධයක් කරා” යන මැයෙන් යුත් සමාරම්භක සාකච්ඡා වාරයට ඇලිස් වෙල්ස් මහත්මිය ඒ අනුව සහභාගී වනු ඇත.

එසේම ඇය ශ්‍රී ලංකා රජයේ නියෝජිතියින් ද මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *