පැරා ක්‍රීඩක සැරයන් හෙට්ටිආරච්චිට රිදී පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ පැවැත්වෙන 03 වන ආසියානු පැරා ක්‍රීඩා උළලේ ජවන හා පිටිය ඉසව් කිහිපයක් සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (08) එක් විය.

ආසියානු පැරා ක්‍රීඩා උලෙලේ පාදයක් දනහිසට පහලින් අහිමි කාණ්ඩයේ හෙල්ල විසිකිරීමෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් චමින්ද සම්පත් හෙට්ටිආරච්චිට රිදී පදක්කම (59.32m) හිමිව තිබේ.

මලල ක්‍රීඩා ශූරතාවලියේදී යුද හමුදා නියෝජනය කල චමින්ද සම්පත් හෙට්ටිආරච්චි දණහිසෙන් පහළ අබාධිත T 44 හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාවක් පිහිටුවීම විශේෂත්වයක්.

ඔහු මීටර් 62.11ක දුරක් හෙල්ල විසිකළ අතර චීනයේ ගාඕ මින්ජී, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී මීටර් 59. 82කින් පැරණි ලෝක වාර්තාව පිහිටුවා තිබිණි.

ලෝක වාර්තාව පිහිටවූ චමින්ද සම්පත් කුමාර 2008 දී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන පාබල ක්‍රීඩා සමාජයට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *