(UPDATE)විජයකලා මන්ත්‍රීවරියට ඇප

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර ඇත. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

අද (08) පෙරවරු 9.00 ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවේ දී ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගියදා එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට, යාපනයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ඇයව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

යාපනේ දී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (08) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සඳහා පැමිණි අවස්ථාවේදී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *