ජනපති සීෂෙල්ස් වෙත ළඟා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (08) අළුයම සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

හිදී එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මැක්සුසී මොන්ඩන් (Macsuzy Mondon ) මහත්මිය ඇතුඑ විශේෂ නියෝජිත පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබී ය.

සීෂෙල්ස් හි කැබිනට් හා මහජන සේවා පිළිබද රාජ්‍ය ලේකම් මොහොමඩ් අෆීෆ් ( Mohamed Afif ) සීෂෙල්ස් තානාපති සේවයේ ප්‍රධානී හා සීෂෙල්ස් රාජ්‍යයේ රුසියානු තානාපති ව්ලැඩිමීර් ඛෙලොස් (Vladimir Belous ), ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් කොන්රාඩ් මෙදරික් (Conrad Mederic), සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක යන මහත්වරුන් ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure ) මහතා විසින් සිදුකළ ආරාධනයක් පරිදි ජනාධිපතිතුමා මෙම සංචාරයේ නිරත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *