නාලකට සහ නාමල්ට විදේශගතවීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(08) පැමිණියේය.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ අධිකරණයේ අවසරයකින් තොරව මොවුන් දෙදෙනාට විදේශගත වීමද තහනම් කළ බවයි.

මේ අතර රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ හඩපට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් පිළිබඳව නාමල් කුමාර විසින් පසුගියදා තොරතුරු අනාවරණය කළේය.

එහිදී මොහු විසින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදු කරන ලද ප්‍රකාශයක් මාධ්‍යවෙත ඉදිරිපත් කරමින් අදාළ තොරතුරු අනාවරණය කළ අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කෙරුණ.

අධිකරණ නියෝග අනුව නාමල් කුමගේ සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ කටහඩ සාම්පල පසුගියදා රජයේ රස පරික්ෂකයා විසින් ලබා ගත්තේය.

ඒ අනුව අද දිනයේදී දුෂණ විරෝධි බලකායේමෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *