වැලිපැන්න ප්‍රවේශ මාර්ගය යළි විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රවේශ මාර්ගය යළි විවෘත කළ බව පොලිසිය සදහන් කරයි.

මතුගම – අළුත්ගම මාර්ගය ජලයෙන් යටවිම හේතුවෙන් පසුගිය 06 වනදා පස්වරුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් තාවකාලිකව වදා දැමිමට බලධාරින් පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් මේ වන විට ජලය බැස ගොස් ඇති අතර ඒ අනුව අද උදෑසන සිට වැලිපැන්න පිවිසුම යලි විවෘත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *