(කොළඹ, ලංකාපුවත්) – සීෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සීෂේල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (08) පස්වරුවේ සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
සීෂෙල්ස් හි සෞඛ්‍ය සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහය ලබාදීම සිදු කෙරෙන අතර එම කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.
රෝහල වෙත වෛද්‍ය උපකරණ සහ ඖෂධ පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
මේ අතර Lanka Hospitals නව ශාඛාවක් සීෂෙල්හි විවෘත කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.