මහ වැසි නොතකා සැමරූ ‘චේ දිනය‘

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රේෂ්ඨ විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ 51 වෙනි ගුණ සමරු උත්සවය මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්‍යානයේදි’’ ඔහු විසින් රෝපණය කරන ලද මැහෝගනී වෘක්ෂය අසලදී කියුබානු රජයේ ශී‍්‍ර ලංකා තානාපතිනී ජුආනා එලේනා රාමෝස් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පැවැත්විණි.

සමාජවාදී තරුණ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර මෙම චේ සැමරුම් උත්සවය අවසානයේ ප‍්‍රදේශයේ ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක් ද පැවැත්වීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු සංවිධානය කර තිබිණි.

අර්නස්ට් චේ ගුවෙරා කියුබානු රජයේ අමාත්‍යවරයකු ලෙස 1959 වසරේ රබර් වගාව සම්බන්ධ පර්යේෂණ කටයුතුත්තක් සඳහා මෙරට සිදුකළ සංචාරයකදී මොරගහහේන යහලකැලේ වත්තේ මෙම මැහෝගනි පැළය රෝපණය කර ඇත. එම ස්ථානය සමාජවාදී තරුණ සංගමය විසින් ‘‘චේ උද්‍යානය’’ ලෙස නම්කරන ලදි.

මෙහිදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා, කියුබන් තානාපතිනි ජුවානා එලේනා රමෝස් මහත්මිය හා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අදහස් දැක්වූහ.අර්නස්ට් චේ ගුවෙරාගේ 51 වෙනි ගුණ සමරු උළෙල සදහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික ගයාන් ජානක මහතා ඇතුළු පිරිසක්ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *