රොනී ලීච්ගේ දේහය හෙට දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – අප කාගේත් හදවත් සසල කරවමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව තිබේ.

පර්ත් නුවර සිට ඔහුගේ දේහය හෙට(10) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත අතර එදින සවස 6.30 සිට 10.00 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ ජයරත්න මල් ශාලාවේ මහ ජනතාවගේ ගරු බුහුමන් සඳහා තැන්පත් කිරීමට නියමිතය.

එමෙන්ම පසුවදා එනම් ඔක්තෝබර් මස 11 වෙනිදා උදේ 8.00 සිට පස්වරු 2.00 දක්වා එම ශාලාවේම දේහය තැන්පත් කර තිබෙනු ඇති අතර එතැනින් පිටවන අවමංගල්‍ය පෙරහැර ගල්කිස්ස ක්‍රයිස්චර්ච් Christ Church දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහයකින් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + eleven =