දුම්රිය ආරක්ෂක නිළධාරීන් සිවිල් ඇඳුමින් රාජකාරියට

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය සඳහා සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා දුම්රිය ආරක්ෂක නිළධාරීන් සිවිල් ඇඳුමින් සැරසී රාජකාරී කටයුතුවල නිරතවන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා දුම්රිය ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියි.

ඊයේ(09) පෙරවරුවේ රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වු දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි සොරුන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් රාජකාරී කටයුතු වල නිරත වු, දුම්රිය ආරක්ෂක නිළධාරීන්ට අල්ලාගැනීමට හැකිවී තිබෙන්නේ, සිවිල් ඇඳුමින් රාජකාරී කටයුතු වල නිරත වු බැවින්ය. මෙය ආදර්ශයට ගෙන ඉදිරියේදී මෙවැනි ක්‍රියා වැටලීමට ක්‍රමවේදයක් සකසා ගන්නා ලෙසත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය ආරක්ෂක නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ, වසර 30 කට ආසන්න කාලයක් ගතවී විවිධ හේතුන් මත කිසිදු උසස්වීමක් නොලද දුම්රිය ආරක්ෂක නිළධාරීන් 284 දෙනෙකු සැරයන් තනතුරට පත්කිරීම නිමිත්තෙන්, ඊයේ (09) මරදාන දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදීය.

1946 වසරේ එවකට ප්‍රවාහන හා වැඩ අමාත්‍යවරයා ලෙස කටයුතු කල සර් ජෝන් කොතලාවල මහතා විසින් 125 ක නිළධාරීන් පිරිසකගෙන් සමන්විත ආරක්ෂක බලකායක් බඳවාගන්නා ලදි. මෙහි ප්‍රධානම අරමුණ වූයේ දුම්රියෙන් ප්‍රවාහනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ ආරක්ෂා කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + six =