හබරාදුවේ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) – හබරාදුව, අකුරැස්ස පාර, පිලාන ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයාගෙන තිබේ.

ඊයේ(09) රාත්‍රී 07.40ට අදාළ ප්‍රදේශයේ තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට 119 පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ පුද්ගලයා සොයාගෙන ඇති අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගාල්ල, තෙංකල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *