ජනපති හා අගමැති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) උදෑසන 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානාවකින් දිවයිනට පැමීණි බව ජනාධිපති කාර්යාලය පවසයි.

සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනාවක් මත පසුගිය 08 වැනිදා ජනපති ඇතුළු දූත පිරිස එරට සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව ගියහ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අද පෙරවරු 8.30 ට ඩුබායි සිට පැමිණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් එම පිරිස කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමීණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *