පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින්ට නිදහස

(කොළඹ, ලංකාපුවත්) –පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයින් තිදෙනා නිදහස් කිරිමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

සිද්ධියේ පළමු විත්තිකරු වූ පාසල් සිසුවාට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1500 බැගින් වූ රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝග කර අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණි.

පසුගිය 26 වනදා පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මෙම තරුණයින් තිදෙනා දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *