මාලදිවයින නව ජනපති හදිසියේ කටුනායක ඇවිත්

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා ( Ibrahim Mohamed Solih) සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරය නිමකර අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණි අතර, ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ද සිංගප්පුරු සංචාරයක් අතරතුර දී මෙම හමුව සිදු විය.

ජනාධිපතිතුමා මෙහිදී ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා වෙත සිය උණුසුම් සුභාශීංසන පිළිගැන්වීමට අමතක නොකළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *