44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල හෙට (11) සිට

(කොළඹ, ලංකාපුවත්) –44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් හෙට (11) සිට 14 වන දින දක්වා පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) පස්වරු 02.30 ට සමාරම්භක උළෙල පැවැත්වේ.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව දැල්වීම සිදු කරනු ලබන්නේ 2013 වර්ෂයේ ආසියානු ශූරතාවලියේදී 400 x 4 ලෝකඩ පදක්කම දිනු කේ. කසුන් කල්හාර සෙනෙවිරත්න ක්‍රීඩකයා සමග 2001 වර්ෂයේ පස්වන ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් කණ්ඩායමේ ඒ.ජී.එල්. ප්‍රියංගිකා ක්‍රීඩිකාවයි.

පළාත් 09 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1543 හා නිළධාරීන් 443 දෙනෙකු සහභාගී වේ.

සමාප්ති උළෙල 2018 ඔක්තොම්බර් මස 14 වන ඉරිදා දින පස්වරු 02.30 ට පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 8 =