අධික වැස්ස නිසා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඊසාන දිග මෝසම් වැස්ස සමඟ ඇද හැලුනු අධික වැසි සහ ගංවතුර තත්ත්වයෙන් පසු පිරිසිදු පානීය ජලය භාවිත කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

එම කාර්යංශයේ අධ්‍යක්‍ෂ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කියා සිටියේ හැකි සෑම විටම පිසූ ආහාර ගන්නා ලෙසත් සීතල වූ පරණ වූ ආහාර නොගන්නා ලෙසත් ය. ආහාර ගැනීමට පෙර සබන් යොදා දෑත් සේදීමද වැදගත් වේ.

මළ පහ කිරීමට වැසිකිළියක්ම භාවිත කරන ලෙසත් කුඩා දරුවන්ගේ මළපහ වුවද වැසිකිලිවලටම දමන්නැයි ඉල්ලීමක් ද කරනු ලැබේ.

ජලයෙන් වැසුන බිමේ සහ ගංවතුරේ සෙල්ලම් කිරීමෙන්, ඇවිදීමෙන් වළකින්නැයි උපදෙස් දී තිබේ.

පබා පලිහවඩන මහත්මිය වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවේ උණ, කැස්ස, පලු දෑමීම වැනි රෝග ලක්‍ෂණ තිබේ නම් සෞඛ්‍ය නිලධාරීන් හමුවන ලෙස ය. එසේම දියර ලෙස මළපහ වේ නම් ජීවනී ප්‍රතිකාර පටන් ගෙන වහාම වෛද්‍යවරයෙක් හමුවන ලෙස ද උපදෙස් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *