ඉන්දුනීසියාව ආසන්නයේ යළි භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.0 ක් ලෙස සටහන්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
මුහුද අභ්‍යන්තරයේ කිලෝමීටර 10 ක ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බව වාර්තාවේ.

එසේම අද අළුයම පැපුවා නිව්ගිනියා දූපත්වලද රික්ටර් මාපකයේ 7ක අගයක් ගත් භූ කම්පනයක් හට ගෙන තිබේ.

කෙසේ නමුත් මේ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද සදහන් වේ.

පසුගිය දා ඉන්දුනිසීයාවේ සිදු වූ සුනාමි ව්‍යාසනයෙන් පසුව යථා තත්වයට පත්වෙමින් පවතින අවස්ථාවේදී මෙලෙස තවත් භූ කම්පනයක් සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *