දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුගේ මරණ දඩුවම තහවුරු කරයි

(කොළඹ, ලංකාපුවත්) –භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු විත්තිකරුවන් 03 දෙනෙකුට කොළඹ මහාධිකරණය දුන් මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

මෙම විත්තිකරුවන් තිදෙනාගේ අභියාචනා නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම නඩුවේ චෝදනා ලබා සිටි දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා වන අනුර තුෂාර ද මැල් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

ඒ අනුව විත්තිකාර දුමින්ද සිල්වා, චමින්ද රවී ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවන්ගෙ අභියාචනා නිෂ්ප්‍රභා කිරීමට විනිසුරුවරු තීරණය කළේය.

අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් , බුවනෙක අලුවිහාරේ ,ප්‍රියන්ත ජයවර්ධන ,විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේරා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *