රන් බිස්කට් 24 ක් කටුනායකදී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රත්‍රං තොයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට ගුවන් මගීන් තුන් දෙනෙකු මෙම රත්‍රං රැගෙන විත් තිබුණි. එහි වටිනාකම රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වන බව ගුවන්තොටුපල රේගු නිලධාරීන් පවසයි.

අද(11) අලුයම 12.30 හා ඊයේ රාත්‍රියේ 10.30ට සිංගප්පූරුවේ සිට යානා දෙකක පැමිණි මගීන් තුන්දෙනෙකු මෙම රත්‍රං රැගෙනවිත් ඇත. රන් බිස්කට් 24 ක් හා රන් කැබලි 02 ක් ඒ අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *