රොනී ලිච්ගේ අවසන් කටයුතු අද

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(11) පස්වරුවේ සිදුකෙරේ.

පස්වරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

පසුගිය පළමුවනදා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදීසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 65 වන වියේ පසුවූ රොනී ලීච් මහතාගේ දේහය ඊයේ(10) දිවයිනට රැගෙන ආ අතර මේ වන විට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *