IOC ඉන්ධන මිලත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – රජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන මිළ සූත්‍රයට අනුව ඊයේ(10) මධ්‍යම රාත්‍රී සිට යළි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

බොර තෙල් සඳහා පවතින ජාත්‍යන්තර මිල සහ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය පදනම් කරගෙන දේශිය වශයෙන් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා පසුගිය මැයි මස 09 වන දින මෙම මිල සූත්‍රය හඳුන්වාදෙනු ලැබීය.

ඔක්තෝබර් මාසය සඳහා මිල තීරණය කිරීමට අදාළ කමිටුව ඊයේ පස්වරුවේ රැස් වූ අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් ද ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155ක් වන අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 169ක් වේ.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 08කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 141කි.

කෙසේවෙතත් ඔටෝ ඩීසල් සඳහා මිල වැඩි කිරීමක් සිදු නොකිරීමට ඉන්ධන මිල සූත්‍ර කමිටුව තීරණය කර ඇත.ඒ අනුව තවදුරටත් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123කි.

මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මීළඟ ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රෙල් ලීටරයක මිල රුපියල් 172ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

නව මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 129ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 141ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + one =