ආසියානු පැරා ක්‍රීඩා උළෙල 2018 – ශ්‍රීලංකාවට දැනට පදක්කම් 11 යි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ ගෙලෝරා බංකර්නෝ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ජාතික ගීය ඊයේ (11) සිව්වන වතාවටත් වාදනය කරවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හෙරත්ට හැකි විය.

එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ අවසන් තරඟයට සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත මීටර් 61.86 ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම ජයගන්නට සමත් විය.

තරඟයේ දෙවන හා තෙවැනි ස්ථාන ඉන්දියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු හට හිමි වූ අතර මෙම තරඟයට සහභාගී වූ ශ්‍රීලංකාවේ ගාමිනී දිසානායක ට හිමිවූයේ 07 වැනි ස්ථානයයි.

මෙම රන් පදක්කම සම්ග ශ්‍රීලංකාව දිනා ගත් මුළු පදක්කම් ගනන 11 දක්වා ඉහල ගිය අතර දැනට ශ්‍රීලංකාව රන් 04ක් , රිදී 03ක් හා ලෝකඩ 04ක් ජයගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =