ටිට්ලි ඉන්දියාවේ 08ක් බිලිගනී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ වෙරළබඩ තීරයට බලපෑ ටිට්ලි සුළි කුණාටුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවී ඇත්තේ ඔරිස්සා සහ ආන්ද්‍රා ප්‍රදේශ් යන ප්‍රාන්ත වලටය.

ගෝලාපූර් නගරයෙන් ඉන්දියාවට ඇතුළු වූ ටිට්ලි සුළි කුණාටුව පැයට කිලෝමීටර 150 ක වේගයෙන් හමා ගොස් තිබේ. ඔරිස්සා ප්‍රාන්තයේ වෙරළබඩ නගර 5ක ලක්ෂ තුනකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත. ගස් කඩා වැටීම් හේතුවෙන් එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක විදුලිය සහ සන්නිවේදන සබදතා ඇනහිට තිබේ.

දුම්රිය සහ ගුවන්ගමන් ද අවලංගු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + seven =