උගන්ඩාවේ නායයෑමකින් 30ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – උඩන්ඩාවේ සිදුවු නායයාමකින් පුද්ගලයින් 30දෙනෙක් මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙම නාය යාම සිදුව තිබේ.

මෙලෙස නාය ගිය එල්ගෝන් නැමැති කන්ද වෙත උගන්ඩා රජයේ මුදා ගැනීමේ සහන කණ්ඩායමක් ලගා වී ඇති බවද සදහන් වේ.

මියගිය සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බව උගන්ඩා බලධාරින් ප‍්‍රකාශ කර ඇත.

පසුගිය වසර කිහිපයේ දි සිදුවු නායයාම් වලින් ගම්මාන තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

එසේම 2012 වසරේ දී බුදුඩා නැමැති ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරණයට පත්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *