ලුණුගම්වෙහෙර බස් අනතුරකින් 50 කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පොළ ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක්” ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් ලුණුගම්වෙහෙර, දෙඹරවැව හා හම්බන්තොට රෝහල්වලට ප්‍රතිකාර සඳහා පිටත්කර යවා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්පාර – මාතර පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ දෙහිඅත්තකන්ඩිය – ගාල්ල ලංගම බස් රථයක් බව පැවසේ.

ලුණුගම්වෙහෙර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *