ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානය විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –කටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරේ.

එය ශ‍්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති ආචාර්ය රෂීඞ් බින් සාෆියා අල් – මාරී මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වි ය. කටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වීසා සේවා දෙපාර් තමේන්තුවේ අධ්‍යක්‍ෂ මේජර් අබ්දුල්ලා කලීෆා අල් මොහන්දී මහතාද සහභාගී විය.

නව වීසා මධ්‍යස්ථානය තුලදී කටාර් රාජ්‍යයේ රැකියා සදහා අයදුම් කිරීමේදී අවශ්‍ය වන ජීවමිතික (Biometrics)තොරතුරු වන රැකියා ගිවිසුම් අත්සන් කිරීම සහ වෛද්‍ය පරීක්‍ෂණ කිරීම වැනි සියලූ කටයුතු කිරීමට හැකිවීම විශේෂත්වයකි. වීසා ගැනීමේ ක‍්‍රියාවලියේ දී විශේෂයෙන් වැදගත් වන වීසා අයදුම්පත නිසි ලෙස පිරවීමේ සිට සියලූ කටයුතු ජාත්‍යන්තර මට්ටමින් මෙහිදී සිදුකෙරෙයි.

වීසා අයදුම් කිරීමේ ක‍්‍රියාවලියේදී අවශ්‍ය වන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිර්‌දේශ අංකයක් ගැනීම, අන්තර්ජාලය ඔස්සේ ඕන්ලයින් තාක්‍ෂණයෙන් හමුවීම් වෙන්කර ගැනීම සහ හමුවීම ඇති වෙලාවට විනාඩි පහලොවකට පෙර කටාර් විසා මධ්‍යස්ථානයට යාමට හැකිවීම වැනි පහසුකම් සලසා ඇත. ඒ අනුව වීසා මධ්‍යස්ථානයේ පිළිගැනීමේ කවුන්ටරයේ දී වීසා අයදුම්කරුගේ අනන්‍යතාවය පරීක්‍ෂා කිරීමෙන් පසු අවශ්‍ය ලිපිලේඛණ පරීක්‍ෂා කර ටෝකන් අංකයක් නිකුත් කරයි. අදාල ටෝකන් අංකය කැදවීමෙන් පසු ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ අයදුම්කරුට සිය රැකියා කොන්ත‍්‍රත්තුව අත්සන් කිරීම හා ජීවමිතික (Biometrics) තොරතුරු හා වෛද්‍ය පරීක්‍ෂණ කිරීමට හැකි වේ. මෙම ක‍්‍රියාවලියෙන් පසු අදාල අයදුම්කරුට සිය අයදුම්පත පවතින තත්ත්වය හා සිය සේවාදායකයා කවුරුන්ද යන්න වග ඔන්ලයින් ඔස්සේ දැනගැනීමට හැකි වේ.

නව වීසා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ දී අදහස් දැක් වු කටාර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය රෂීඞ් බින් සාෆියා අල් – මාරී මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ සහ කටාර් රාජ්‍යයේ ද්විපාර්ශවික සබදතා තවදුරටත් පුඵල් කිරීම සදහා නව වීසා මධ්‍යස්ථානය විවෘත කල බවයි. මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබදව තමා ඉතා සතුටට පත්වන බව පැවසු ඒ මහතා, අයදුම්කරුවන්ට බාධාවකින් තොරව පහසුවෙන් හා කඩිනමින් වීසා ලබාගැනීම සදහා මෙම පියවර ගත් බව ප‍්‍රකාශ කළේය.

කටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වීසා සේවා දෙපාර් තමේන්තුවේ අධ්‍යක්‍ෂ මේජර් අබ්දුල්ලා කලීෆා අල් මොහන්දී මහතා මෙහිදී ප‍්‍රකාශ කළේ සිය රටේ රැකියා සදහා අයදුම්කරුවන්ට කිසිදු කරදරයකින් තොරව පහසුවෙන් වීසා ගැනීම සදහා ගත් මෙම පියවර තවදුරටත් පුඵල් කරමින් ශ‍්‍රී ලංකාවට අමතරව තවත් රටවල් ගණනාවක මෙවැනි වීසා මධ්‍යස්ථාන විවෘත කරන බවයි. මෙම මධ්‍යථානයේ විශේෂත්වය වන්නේ වීසා අයදුම් කිරීමට සම්බන්ධ සියලූ කටයුතු එකම ස්ථානයකින් කිරීමට හැකි වීම බවත්, ඉතා සරල හා ඵලදායී ක‍්‍රමවේදයක් මගින් විසා අයදුම්කරුවන්ට පූර්ණ ආරක්‍ෂාව සහ විශ්වාසය ලබාදීම බවත්, ඔහු සදහන් කළේය.

කාටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් නව වීසා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට හැකි වීම අපට ගෞරවයක් බව බයෝමෙට් සර් විස් හි ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී සුහේල් ෂයික් ප‍්‍රකාශ කළේය. අපගේ අත්දැකීම් ලත් හා කාර්‍යශූර කාර්ය මණ්ලය විසින් ඉතා සරල ක‍්‍රමවේදයක් ඔස්සේ ශ‍්‍රී ලාංකීකයන්ට උසස් සේවාවක් ලබා දියහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

කටාර් රාජ්‍යයේ අනුමැතිය මත සිංගප්පූරුවේ සිට ක‍්‍රියාත්මක Biomet services PTEහි සහෝදර සමාගමක් වන බයෝමෙට් වීසා සර්විස් ලංකා විසින් මෙම වීසා සේවාව ක‍්‍රියාත්මක කරනු ලබයි. කටාර් ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් සමග එළඹ ඇති ගිවිසුමට අනුව අදාල සමාගම විසින් ශ‍්‍රී ලංකාවට අමතරව ඉන්දුනිසියාව, පිලිපීනය, බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ ටියුනිසියාවේ නව වීසා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිතයි.

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංක 435/3 හි සෙන්ට‍්‍රා සුපර් සිටී හි පිහිටි නව වීසා මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමින් නව තාක්‍ෂණ්‍ය භාවිතා කර ඉදිකර ඇති අතර එය සෑම සදුදා සිට සිකුරාදා දිනකම පෙරවරු 8.30 සිට 4.30 දක්වා විවෘතව ඇත. එහි වෛද්‍ය පරීක්‍ෂණ සිදුකරන්නේ වීසා සම්බන්ධ වෛද්‍ය වාර්තා ලබාදෙන Stemz Healthcareවිසින් වන අතර විවිධ රුධිර පරීක්‍ෂණ වාර්තා, එක්ස් කිරණ වාර් තා, රූපමය ලෙස ඇගයීම් කිරීම සහ අනිකුත් පරීක්‍ෂණ මෙම මධ්‍යස්ථානයේ දී සිදුකල හැකියි.

කටාර් රාජ්‍යයේ රැකියා සදහා යන ශ‍්‍රී ලාංකිකයන්ට උපරීම සේවායක් සැපයීමට අපට අවස්ථාව දීම ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයට සහ වෛද්‍ය කොමිසමට ස්තූතිවන්ත වන බව බවත්, කටාර් රාජ්‍ය බලාපොරොත්තු වන උසස් ප‍්‍රමිතියෙන් සියලූ වාර්තා හා පරීක්‍ෂණ කටයුතු කිරීමටත් පියවර ගෙන ඇති බව Stemz Healthcare ආයතනයේ මෙහෙයුම් ප‍්‍රධානි විශ්වජිට් කුමා මහතා කියා සිටියේය.

අයදුම්කරුවන්ගේ පහසුව තකා භාෂා කිහිපයකින් ක‍්‍රියාත්මක වන කටාර් වීසා මධ්‍යස්ථානයේ සියලූ සේවා හා තොරතුරු ඉංග‍්‍රීසි, අරාබි, සිංහල සහ දෙමළ යන භාෂාවලින් වෙබ් අඩවියේ දැක් වේ.

කටාර් වීසා මධ්‍යස්ථානයේ විස්තර
කටාර් වීසා මධ්‍යස්ථානය
435/3, සෙන්ට‍්‍රා සුපර් සිටි
ශ‍්‍රී ජයවර්ධනපුර, කොට්ටේ මාවත
ශ‍්‍රී ලංකාව

රාජකාරී වේලාව – පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
රජකාරී දින -සදුදා සිට සිකුරාදා දක්වා
ක්‍ෂණික ඇමතුම් -94 117942999
විද්‍යුත් ලිපිනය [email protected]
වෙබ් පිටුව -www.qatarvisacenter.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *