‘අහන්න’ විශේෂ අදියරක් අද සිට

(කොළඹ, ලංකාපුවත්) – එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන “අහන්න” වැඩසටහනේ විශේෂ අදියරක් අද (15) සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් රැසක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ.

ඒ අනුව අද දිනයේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් මෙම විශේෂ අදියර ආරම්භ වීමට නියමිතය.

පාසල් කේන්ද්‍ර කරගත් “අහන්න” වැඩසටහන තුළින් පාසල් දරුවන් අතර ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමට අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *