වැස්සත් සමඟ ඩෙංගු යළිත් හිස ඔසවන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි පැතිරීමේ අවදානමක් මතුව තිබෙන බැවින් අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 39,793ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉන් වැඩි පිරිස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 7654කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 4360කි. කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2459ක් වාර්තා වී තිබේ.

84ක් වූ අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝග තත්වය පිළිබඳ ජනතාව නිරන්තර අවධානයෙන් සිටිය යුතු වේ.
ඉදිරි මාස දෙක තුළ රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

එබැවින් රෝග ලක්‍ෂණ මතුවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.

අවට පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට අවධානය යොමු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 17 =