ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.

හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු විය.

දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (15) රාත්‍රියේ මියගොස් ඇත.

ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *