ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප්

(කොළඹ, ලංකාපුවත්) –ආබාධිත රණවිරුවන් විශ්‍රාම වැටුප නොව, ජීවත් වනතෙක් ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සළකා බලා ඇති ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ක‍ටයුතු කරගෙන යයි.

මේ වන විට ආබාධිත රණවිරුවන්ට සෙසු දීමනා සමඟ විශ්‍රාම ගන්නා තෙක් වැටුප ලබා දෙයි. විශ්‍රාම ගොස් සිටින පිරිසට වැටුපෙන් සියයට අසුපහක් විශ්‍රාම වැටුප සමඟ තවත් සියයට පහළොවක් සුරැකුම් දිමනාව ද සමඟ සියයට සියයක් ලබා දෙයි.

ආබාධිත රණවිරුවන් මීට දින කිහිපයකට පෙර උද්ඝෝෂණයක් කරමින් ඉල්ලා සිටියේ විශ්‍රාම වැටුප ඔවුන්ට ප්‍රමාණවත් නොවන බවත්, විශ්‍රාම වැටුප නොව ජිවිත කාලය පුරාම වැටුප ගෙවන ලෙසයි.

ආරක්ෂක අමාත්‍යාංශය මිට පෙරද මේ සම්බන්ධයෙන්අවධානය යොමු කර සිටි අතර, මේ වන විට එම ඉල්ලීම ලබාදීමට අවශ්‍ය නීතිමය කටයුතු කරගෙන යන බව ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ආබාධිත රණවිරුවන්ගේ සියලු විස්තර ත්‍රිවිධ හමුදාවලින් ලබා ගෙන ඇත. වැඩි කාලයක් ගතවීමට පෙර එම ඉල්ලීම් ලබා දීමට හැකි බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *