ඉල්ලම් පස් හැරූ අයෙක් මතට ගලක් පෙරලී මරුට

(කොළඹ, ලංකාපුවත්) – නිවිතිගල, කිරිබත්ගල ප්‍රදේශයේ ඉල්ලම් පස් ගැනීමට කැණීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් මතට ගලක් පෙරලීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් ඇත.

ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරු නිවිතිගල රෝහගට ඇතුලත් කරන විට එම තැනැත්තා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (15) දහවල් 12.30ට පමණ මෙම සිද්ධිය සිදුව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ නිවිතිගල ප්‍රදේශයේ ම පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

මෘත ශරීරය නිවිතිගල රෝහගේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂනය අද(16) සිදු කිරීමට නියමිත ය. නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *