පාරමී වසන්ති ශ්‍රී ලංකාවේ පළමු යොවුන් ඔලිම්පික් පදක්කම දිනයි

(කොළඹ, ලංකාපුවත්) – ආජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළේලේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව ඊයේ (15) සමත්විය.

ඒ, මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙනි. මෙම පදක්කමට හිමිකම් කීවේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එම ඉසව්වට එක්වූ පාරමී වසන්තියි.

ශ‍්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා ඉතිහාසයේ දිනා ගත් පළමු පදක්කමද මෙය වේ. එමෙන්ම ශී‍්‍ර ලංකාව මළල කී‍්‍රඩා ඉසව්වකින් වසර 10කට පසු දිනා ගත් පළමු ජාත්‍යන්තර මට්ටමේ පදක්කමද මෙය වේ.

පසුගිය දා පැවති මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් මිනිත්තු 6.33.06ක කාලයක් වාර්තා කරමින් තුන්වැන්නා ලෙස ඉසව්ව අවසන් කරන පාරමී අද ඇයගේ දෙවන ඉසව්ව වන රට හරහා දිවීමේ කි.මි. 4 ඉසව්වේ දී මිනිත්තු 13.47ක කාලයක් වාර්තා කරමින් 17වැන්නා ලෙසින් තරගය අවසන් කරමින් බාධක ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩිකාවන් අතර සිව්වැන්නා බවට පත්විය. මේ අදියර දෙකෙහි දී ම ලද ප්‍රසාද ලකුණුවලට අනුව පාරමී වසන්ති මාරිස්ටෙලා ලෝකඩ පදක්කම දිනා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.

2007 වසරේ දී පැවති ලෝක ශූරතා උළෙලේ දී ශ්‍රී ලංකා ඔලිම්පික් ශූරී සුසන්තිකා මහත්මිය දිනා ගත් ලෝකඩ පදක්කමෙන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක විසින් ලෝක මට්ටමේ පදක්කමක් ලබා ගත් පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

හලාවත ප්‍රදේශයේ අධිෂ්ඨානශීලී ධීවර පියෙකුට සහ උත්සාහවන්ත දිරිය මවකට දාව උපත ලද මේ දිරිය දියණිය පසුගිය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් ද දිනා ගනිමින් ආසියාවේ පළමුවැන්නා ද විය. මේ වන විට ඇය ශ්‍රී ලංකා යොවුන් කාන්තා රග්බි කණ්ඩායමේ ද සාමාජිකාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *