ලෝක ආහාර දිනය අද යි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ආහාර දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව “අපගේ ක්‍රියාවන් අපගේ අනාගතය – 2030 වන විට කුසගින්නෙන් තොර ලොවක්” යන්නයි.

සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය සමරනු ලැබේ. ඒ, 1945 වසරේ දී එක්සත් ජාතීන් විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීමටය. මෙවර ලෝක ආහාර දිනය සමරණු ලබන්නේ 73වැනි වරට ව.

කුසගින්න සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැගීමේ දී ජයග්‍රහණය කළ යුතු අභියෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අවස්ථාවක් ලෙස ලෝක ආහාර දිනය යොදා ගැනෙනු ඇත.

ගෝලීය වශයෙන් මේ වන විට කුසගින්නෙන් පෙළෙන පිරිස ඉහළ ගොස් තිබේ. එය, මිලියන 821ක් බව වාර්තාවල සඳහන් වේ.

යුද ගැටුම්, දේශගුණික විපර්යාස, කාලගුණික තත්ව සහ අඩුවන ආර්ථික වර්ධන වේගය කුසගින්නෙන් සිටින පිරිස ඉහළ යාමට හේතුවී තිබේ. මෙම අභියෝගවලට මුහුණදීමට ජගත් ප්‍රජාව අනුමත කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව ද වර්තමානයේ කැපවී සිටි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානට සහ ලෝක ආහාර වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන ශ්‍රී ලංකාවේ ලෝක ආහාර දින සැමරුම උත්සවය අද(16) සවස 02.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *