‘අමරා‘ ජීවන ගීය නිම කරමින් හෙට අවසන් ගමනේ

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(18) සවස 04.00ට බොරැල්ල කන්තේ ආදාහනා ගාරයේ දී සිදු කෙරේ.

පෙරේදා(15) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වන විට ඇය 79වන වියෙහි පසුවිය.

මෙරට සංගීත කේෂ්ත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස ඇය හැඳින්වේ. අමරා රණතුංගයන් සංගීත ක්‌ෂේත්‍රයට පිවිසියේ ගුවන්විදුලියේ ළමා පිටියෙනි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවේ සංගීත හා සංගීත පර්යේෂණ අංශයේ ප්‍රථම අධ්‍යක්‍ෂවරයාය. කැලණිය විශ්වවිද්‍යාලයේ ගායන අංශයේ නිර්මාතෘවරිය ද ඇයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මෙන්ම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රීය සංගීතය, රාගධාරි සංගීතය මෙන්ම අපේ ජන සංගීතය ද ඉගැන්වූ මහාචාර්යවරියක් වන ඇයි සම්මානිත මහාචාර්යවරියකි. මහ රෑ යාමේ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, චාමර පවන් සලා, ආදර සතුටු සුසුම්, මුතු වරුසා ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කරන ලදී.

හෙට(18) දහවල් 12ට නාවල කොළඹගේ මාවතේ කුයින්ස් රේසිඩන්ස් පටුමග නිවසින් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය දක්වා දේහය රැගනයන අතර එම පරිශ්‍රයේ ප.ව 1 සිට සවස 3 දක්වා අවසන් ගෞරවය සඳහා තැන් පත් කර තැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *