ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ චෝදනා වලට සනත්ගෙන් ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක හා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ට ගොනු කල දුෂණ චෝදනා සම්බන්දයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඔහු සැමවිටම කටයුතු කරන්නේ ක්‍රිඩා සම්බන්ධයෙන් ඇති අවංක හා විනිවිද භාවයෙන් යුතුව බවයි.

මෙසේ ඔහු සදහන් කළේ පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ-මර්ධන ඒකකය විසින් එල්ල කරන ලද චෝදනා වලට පිළිතුරු සැපයීම සදහා නිකුත් කරන ලද නිවේදනයකයි.

වැඩි දුරටත් අදහස් දක්වමින්, ඔහු ට කරන ලද චෝදනාවන්ට අනුව “තරග පාවාදීම්, තණතීරු සකස් කිරීම්, හෝ වෙනත් සමාන දූෂිත ක්‍රියාකාරකම් සම්බන්ධ චෝදනා කිසිවක් අඩංගු නැතත්” ACU පරීක්ෂණවලට පමණක් ඔහුගේ සහයෝගය දීම නොකරන බවට චෝදනා එල්ල වී ඇති බව ඊයේ(16) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සනත් ජයසුරිය ප්‍රකාශ කර සිටීයි.

තව දුරටත් ඔහුගේ නිවේදනයේ මෙසේ සදහන් වෙයි.

උපුටා ගැනීම:-
“අවාසනාවකට, මම දින 14 ක් ඇතුලත මගේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින්, මේ මොහොතේ කිසිදු ප්‍රකාශයක් කිරීමට මට හැකියාවක් නැත. ICC හි නීතිමය තත්ත්වයට බාධාවක් වන හෙයින් ඉහත සඳහන් චෝදනා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසට මා හට දැඩි නීතිමය උපදෙස් ලබා දී තිබේ.

මගේ නීති උපදේශක කණ්ඩායම මගේ ප්‍රතිචාරය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියෙහි නිරත වන අතර එම ප්‍රතිචාරය ඉදිරියේදී ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙයි

මම සෑම විටම ක්‍රිඩාවට අදාළ කාරණා සම්බන්ධයෙන් අවංකභාවය සහ විනිවිදභාවය සහිතව කටයුතු කර ඇති අතර මම එය දිගටම කරගෙන යනු ඇත.” යනුවෙනුයි..

තේරීම් කමිටු සභාපති දූරයට පත්වූ ජයසූරිය සහ ඔහුගේ කමිටුව 2017 සැප්තැම්බරයේ දී ඉල්ලා අස් වූ අතර කමිටුවේ කාර්යසාධනය පිළිබඳව පුලුල්ව පැතිරුනු විවේචන දැක ගත හැකි විය. 2013 වර්ෂයේ මුල් භාගයේ සිට 2015 ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ඔහු වසර දෙකක කාලයකදී ප්‍රධාන තේරීම්කාරක ලෙස කටයුතු කල අතර මෙම චෝදනා දෙවන කාල සීමාව තුළ සිදු වූ සිදුවීම්වලට සම්බන්ධ බවට හෙළි වී ඇත.

කෙසේ වෙතත් මෙම සියලු චෝදනා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවති එක්දින තරග මාලාවේදී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා පිළිබඳව මාධ්‍ය මගින් එළිදැක්වූ ප්‍රබල විචාරයන් හේතු වශයෙන් දැක්වීමට පුළුවන්, මෙහිදී තරග 5 කින් සමන්විත වූ එක දින තරගාවලිය 3 ට 2 ක් වශයෙන් කරට කර ක්‍රීඩා කර සිම්බාබ්වේ පිල ජයග්‍රහණය කරන ලදී.

මතභේදයට තුඩු දුන් මෙම සිම්බාබ්වේ තරගාවලියේ සිව්වන එක්දින තරගය පිළිබඳව නිශ්චිතවම අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලංකාව 301 ක ඉලක්කය සනිටුහන් කළද සිමබබ්වේ පිල ඩක්වර්ත් ලූවිස් ක්‍රමවේදය පදනම් කරගෙන අවසානයේදී ජයග්‍රහණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − one =