නිල ඇදුම් වවුචර්පත් ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප‍්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –නිල ඇදුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීමේ තීරණය කිසිසේත් වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ දුෂණ, අක‍්‍රමිකතා සහ නාස්තිය වැලැක්වීම අරමුණු කරගනිමින් වේ. අනවශ්‍ය මුදල් නාස්තිය මෙන්ම වංචා සහගත කොමිස් ගණුදෙනු නතර කිරිමට ද එමගින් හැකිවිය.

ඒ අනුව නිල ඇදුම් රෙදි ලබාදීම පිළිබද පැවති වෙළෙදපොළ ඒකාධිකාරය ද බිද දැමීමට ඉන් හැකිවූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ වසරේදී සිසුන්ට වවුචර් වෙනුවට නිල ඇදුම් ලබාදෙන බවට ඇතැම් කණ්ඩායම් අසත්‍ය ප‍්‍රචාරයක් පතුරුවා තිබේ. එය ජනතාව නොමඟ යැවීමක් බව අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =