විවේචන මැද ට්‍රම්ප් මීළඟ මැතිවරණ ප්‍රචාරයට මුදල් වෙන්කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ විවේචන එල්ල විය. එසේ තිබියදීත් ඔහු තවත් වසර 2 කින් පැවැත්වීමට නියමිත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා අමෙරිකා ඩොලර් මිලියන 100 ක් වෙන්කර ඇතැයි වාර්තා වේ.

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අමෙරිකා ඩොලර් මිලියන 18 කට වැඩි මුදලක් පසුගිය ජූලි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වෙන්කර තිබුණි.

පසුගිය මාසය අවසන් වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වන බැංකු ගිණුමේඅමෙරිකා ඩොලර් මිලියන 35 යි දශම 4 ක මුදලක් තිබූ බව එරට වාර්තා සඳහන් කරයි.

2016 වසරේ පැවති මැතිවරණයේදී ද ඔහු ප්‍රචාරක කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව තිබුණි.

ට්‍රම්ප්ගේ දියණිය හා ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක වන ලාරා ට්‍රම්ප් පැවසුවේ අමෙරිකාවේ සාමාන්‍ය ජනතාව ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඉහළ සහයෝගයක් ලබාදෙන බවයි. ලබන මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බව ද ඇය සදහන් කළේය.

පසුගිය කාලයේදී ඇමෙරිකාව ආයෝජකයින් ගෙන්වීම සඳහා පොළී අනුපාත ඉහළ නැංවීම ඇතුලු ආර්ථික වෙනස්කම් රැසක් සිදු කරන ලදි. මේ හේතුවෙන් අමෙරිකා ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. ඒ සමගම මුදල් ඒකක පහළ යාමෙන් 3 වන ලෝකයේ රටවලට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *