සෞදි ජනමාධ්‍යයවේදියාගේ කොටස් කළ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –මීට සති දෙකකට ඉහත දී අතුරුදන්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ කොටස් කළ සිරුර සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුගේ මරණය පිළිබඳ සාක්ෂි ලබාගැනිම මේ වනවිට සිදුකරන බව තුර්කි නිලධාරින් සඳහන් කළේය.

ජමාල් කෂෝගී අතුරුදන් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයින් පොම්පියෝ සෞදි රජු හමුවිමට ගිය බවද විදෙස් මාධ්‍ය පවසයි. රෝ සටන්කරුවන් ඔහුගේ ඝාතනයට වගකිව යුතු බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ.

කෂෝගී ඝාතනය කරන්නට ඇති බවට ඔහු සේවය කළ අමෙරිකාවේ නිව් යෝර්ක් පොස්ට් මාධ්‍ය ආයතනය මිට පෙර කරුණු අනාවරණය කර තිබුනි.

පුරා පැය 09ක කාලයක් තුර්කි බලධාරීන් විසින් ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කවුන්සිල් ජෙනරාල් කාර්යාලය සිය නිරීක්ෂණයට ලක් කර ඇති අතර ජමාල් කෂෝගී ගේ සිරුරට කුමක් සිදුවීද යන්න පිලිබදව ඔවුන් මේ දකවා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

සිය තුර්කි ජාතික පෙම්වතිය සමග විවාහ වීමට අවශ්‍ය කරනු ලබන ලියවිලි ලබා ගැනීම සදහා මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉකුත් ඔක්තෝම්බර් මස 02 වෙනිදා සෞදි කවුන්සිල් ජෙනරාල් කාර්යාලයට පැමිණ ඇති අතර ඉන් ඔහු පිටව ගිය බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කිරීමට සෞදි බලධාරීන්ට හැකිවී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =