ප්‍රති වෙළෙඳාම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කළ යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රති වෙළෙඳාම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව අම්පාරේ , රජගල පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජගල පුරාවිද්‍යා භූමියේ ප්‍රතිසංස්කරණය කළ ඉපැරණි දාගැබක ධාතු තැනපත් කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ප්‍රතිසංස්කරණයට රජය මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊට සහාය දක්වන ලදි.

ධාතු තැන්පත් කිරීමේ උත්සවයට සමගාමීව රජගලතැන්න ගම්වාසීන් සදහා නිවාස ආධාර ලබාදීමට ද පියවර ගැණුනි. එක් පවුලක් සදහා ලබාදුන් මුදල රුපියල් ලක්ෂ 5 කි. ඉතිහාසයෙන් ලබාගත හැකි ආදර්ශ රට සංවර්ධනයේදී යොදා ගැනීම සියලු දෙනාගේ යුතුකමක් බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *