ගම්පෙරලියෙන් ගම්මාන වලට රුපියල් බිලියන 20ක්

(කොළඹ, ලංකාපුවත්) –රට නිවැරදි මාවතකට ගෙන ඒමට රජය දීර්ඝකාලීන ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍වසයි.

එහෙත් ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂය ඉතා අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරිමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඇතැම්විට ජනමාධ්‍යය ද එම අසත්‍ය තොරතුරු වලට වැඩි ඉඩක් ලබාදෙන බවත් මංගල සමරවීර මහතා සදහන් කළේය.

කොළඹ දී ඊයේ (18) පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගම්පෙරලිය වැඩසටහන යටතේ රජය රුපියල් බිලියන විස්සක වටිනාකමකින් යුතු ව්‍යාපෘති හතලිස් හත් දහසක් කි‍්‍රයාත්මක කර ඇත. එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන යටතේ පසුගිය මාස තුනේ දි නව ව්‍යවසායකයින් විසි හත් දහසකට ණය පහසුකම් ලබාදුන් බව මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

වෙනත් අමාත්‍යාංශවල ද ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ. එභෙත් රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිසි තොරතුරු ජනතාවට ලබාදීමට ජනමාධ්‍ය ඉදිරිපත් නොවන බව අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + nineteen =