තල්අඩි ගුවන් පථයෙන් බෝම්බ මතුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම තල්අඩි ගුවන් පථයට ආසන්න ප‍්‍රදේශයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

ආරක්ෂක අංශ වෙත ඊයේ(18) ලැබුණු තොරතුරක් මත මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ බෝම්බ තොගය සොයාගත් බව පොලිසිය පැවසීය.

කාලතුවක්කු උණ්ඩ 04 ක්, මෝටාර් උණ්ඩයක්, අත්බෝම්බ 01 ක්, එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ බවට සැක කරන අත්බෝම්බ 01 ක්, ෆියුස් 04 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගෙන ඇත.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවයි.

මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *