ධීවර අමාත්‍යංශය ඩිජිටල් කරණයට කඩිනම් පියවර

(කොළඹ, ලංකාපුවත්) – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය හ අනුබද්ධ ආයතන සියල්ල ඩිජිටල් කරණය කර ජාලගත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අවශ්‍යතාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙම ජාල ගත කිරීමේ ව්‍යාපෘති වාර්තාව ලබාදීමේ අවස්ථාවේදීය . ITERON නමැති ජාත්‍යන්තර සමාගමේ නියෝජිත කණ්ඩායමක් ඊයේ (18) දහවල් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී රාජ්‍ය ඇමතිවරයා වෙත මෙම ව්‍යාපෘති වාර්තාව නිල වශයෙන් භාර දුන්හ.

මෙම ජාල ගත කිරීම සහ ඩිජිටල් කරණයට අදාළ සමීක්‍ෂණය සහ දත්ත රැස්කිරීම මිට මාස 06 කට පෙර සිටම ITERON නමැති ජාත්‍යන්තර ආයතනය විසින් ආරම්භ කර තිබුණි .

එලෙස ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන සියල්ල ඩිජිටල් කරණය කරමින් ජාල ගත කිරීමට අදාළ ව්‍යාපෘති වාර්තාව සකස් කර තිබේ .

ධීවර ක්ෂේත්‍රයේ දෛනික තොරතුරු ලබාගැනීම සදහා විශේෂ මෘදුකාංගයක් හදුන්වාදීම සදහා ද කටයුතු කරමින් සිටි.
එම මෘදුකාංගය මගින් ධිවර ප්‍රජාවට කාලගුණ අනාවැකි ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු මෙන්ම පාරිභෝගික ජනතාවට මත්ස්‍ය මිලගණන් ද ඇතුළු ධිවර අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන වල විස්තර ලබාගැනීමේ පහසුව සැලසෙනු ඇත.

එලෙසම මත්ස්‍ය වෙළදපොළ තත්වය සේම ඕනෑම අයෙකුට ධීවර ක්‍ෂ්ත්‍රයට අදාළ විස්තරයක් විමසීම සහ මත්ස්‍ය ගුණාත්මක භාවය , වැනි වැදගත් තොරතුරු පරිශීලනය කිරීමේ හැකියාව සහිත මෙම මෘදුකාංගය මගින් යම් මත්ස්‍යයෙකුගේ ජායාරුපයක් එවීමෙන් ඉතාම කෙටිකාලයක් තුල එම මත්ස්‍යයා පිළිබද නිවැරදි තොරතුරු ලබාගැනීමේ පහසුකම් වලින් ද සමන්විතය .

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් . පි. සන්දනායක මහත්මිය , රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජි.එම්.දිනේෂ් කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *