නාලක ද සිල්වා CIDයට දෙවැනිවරටත් එයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද(19) දෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුම් පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා ඇති බව වාර්තා වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ මහාධිකරණ නඩු විභාගයක් අද පැවැත් වෙයි.

ඊට සහභාගීවිම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම අධිකරණය වෙත මීට සුළු වේලාවකට පෙර පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී මහජන මුදල් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී නඩු විභාගයක් පැවැත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *